ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය ඉන්දියානු කණ්ඩායම සමඟ අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ඩුබායි හිදී තරඟය ආරම්භවීමට නියමිතයි.

ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කළේ, අද තරඟය සඳහා අංක 3 පිතිකරු චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමට ඇතැම් විට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවනවා.

Share.
Leave A Reply

Exit mobile version