ප්‍රාදේශීය වශයෙන් මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව මෙරට නිවාසවලින් 79% ක් පෝෂණය නොසලකා මිල අඩු ආහාර පරිභෝජනයට පෙළඹී ඇති බව සඳහන් වනවා.

එසේම 49% ක් ගනු ලබන ආහාර ප්‍රමාණය අඩුකර ඇති අතර 39% ක් ආහාර වේල් සංඛ්‍යාව අඩුකර තිබෙන අතර මෙරට ජනගහනයෙන් 37% ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවද අදාළ වාර්තා මඟින් පෙන්වා දී තිබෙනවා.

සෑම නිවාස 10 කින් 4 ක් ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා බවද ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version