ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන 02 වන ටෙස්ට් තරගයෙන් ලකුණු 246ක දැවැන්ත විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු 508ක ඉලක්කය හඹා යමින් සිටි පාකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 261ක් පමණයි.

පාකිස්ථාන කණ්ඩායම වෙන‍ුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාම් ලකුණු 81ක් රැස් කරගැනීමට සමත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 117කට කඩුළු 05ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 101ක‍ට කඩුළු 04ක් ලබාගැනීමට සමත්වුනා.

තරඟයේ වීරයා ලෙස ධනංජය සිල්වා ද තරඟාවලියේ වීරයා ලෙස ප්‍රභාත් ජයසුරියත් තේරී පත්විය. ඒ අනුව තරඟාවලිය 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් වුනා.

Share.
Leave A Reply

Exit mobile version