මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා සංචාරක ඉන්ධන අවසරපත් (Tourists Fuel Pass) ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.
එමගින් විදේශ සංචාරකයන්ට දැනට රටේ පවත්නා ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව, සිය අවශ්‍යතාවය අනුව ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
දිවයින පුරා පිහිටි ඕනෑම සම්පත් බැංකු ශාඛාවකට පිවිස ඕනෑම විදේශ මුදල් ඒකකයකින් සංචාරක ඉන්ධන අවසරපත මිලදීගැනීමේ පහසුව සලසා තිබෙනවා.
එසේම දිවයින පුරා පිහිටි 300කට අධික Ceypetco සහ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වලින් ඉතා පහසුවෙන් ඉන්ධන ලබාගැනීමේ පහසුවද ඔවුන්ට හිමිවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.