රට තුළ පවතින වාහනවල මිල ගණන් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පවසනවා.

බැංකු සහ ලීසිං සමාගම්වල පොලී අනුපාත අධික ලෙස ඉහළ යාම හේතුවෙන්, බොහෝ අය ණය ගෙන වාහන මිලදී නොගන්නා තත්ත්වයක් ඇති වී තිබෙන බවද, එම නිසා වාහන විකිණීමට අවශ්‍යතාවය ඇති අය අඩු මිලකට වුවද වාහන විකිණීමට පෙළඹී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

වාහන ආනයනය සීමා කිරීම හේතුවෙන් වෙළඳපොළ තුළ පවතින භාවිතා කරන ලද වාහන සදහා වර්තමානයේ නියමිත මිලක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version