ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු L.T.B දෙහිදෙණිය විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩු වූ ධුරයට අභියාචනාධිකරණයේ සභාපති M.K.P ප්‍රනාන්දු පත්කිරීමට ජනාධිපතිවරයා සිදුකර ඇති නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.

N.B.P.D.S කරුණාරත්න ​අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) රැස්වී තිබුණා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version