උස්බෙකිස්තානයේදී පැවැත්වෙන 5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට මාරිස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩක තුශේන් සිල්වා පෙරේදා (27 වැනිදා) සමත් වූයේය.

බාලක රිටි පැනීම ඉසව්වේ මීටර් 4.70ක දස්කමක් දක්වමින් ඔහු එම පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම නව යොවුන් ජාතික වාර්තාවක් ද වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ආසියානු මට්ටමේ තරගාවලියක දී රිටි පැනීම පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ වසර 72කට පසු වන අතර අවසන් වරට එම ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට එම්. ඒ. අක්බාර් 1951 වසරේදී සමත් වී තිබුණේය. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version