වසර 59 කට පසු බ්‍රහස්පති පෘථිවියට ළං වීමට නියමිතය.

නාසා ආයතනය නිකුත් කළ නිවේදනකට අනුව, සැතපුම් මිලියන 600 කට වඩා ඈතින් පිහිටි බ්‍රහස්පති ලබන සදුදා (26) වන විට පෘථිවියේ සිට සැතපුම් මිලියන 367 ක් දුරින් පිහිටනු ඇති බවය.

මෙය පෘථිවියේ සිට බ්‍රහස්පති තවත් පැහැදිලිව දැක ගැනීමට තාරකා විද්‍යාඥයන්ට හොද අවස්ථාවක් වනු ඇතැයි ද නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන්නේ බ්‍රහස්පතිය. බ්‍රහස්පති වායු යෝධයෙකි. (රොයිටර්ස්)

Share.
Leave A Reply

Exit mobile version