නිදාගැනිම සඳහා අපි අනුගමනය කරන ඉරියව්වෙන් රුධිර සංසරණය යහපත් කරගැනීම සහ කෝටර දාහය සුවකරගැනීම වැනි විවිධ සෞඛ්‍ය වාසිත් අත්කරගන්නට පුළුවන් බව ඔබ දැන සිටියාද? ඉතින් ඔබට අද අප මේ පෙන්වා දෙන සෞඛ්‍ය ගැටලු කිහිපයෙන් එකක් හෝ තිබේනවා නම් පහත දක්වා ඇති ඉරියව් භාවිතයෙන් නිදාගෙන එය පහසුවෙන්ම සුවකරගන්නට හැකි වේවි.

උරහිස් වේදනා

ඔබ උරහිසක වේදනාවෙන් පීඩා විදිනවා නම් එය නිදාගන්නා අතර තුළදීම ලෙහෙසියෙන්ම සුවකරගන්නට පුළුවන්. මේ සඳහා ඔබේ වේදනාව රහිත උරහිස පැත්තට ඇලවී පාද දෙක ඉදිරියට නමා එක් කොට්ටයක් පපුවට යටින් තබා තවත් කොට්ටයක් දණහිස් දෙක මැදට වන්නට තබා නිදාගන්න.

කොන්දේ වේදනා

කොන්දේ වේදනාවට ඔබ නිදියන ඉරියව්ව දැඩි ලෙස බලපානවා. ඔබ උඩු අතට වන්නට නිදාගෙන එක් කොට්ටයක් ඔබේ දණහිස යටින් තබාගන්න. ඒ වගෙම රෝල් කරගත් තුවායක් ගෙන එය කොන්දේ නැම්ම යටින් තබාගන්න. මේ ආකාරයට නිදාගැනිමේ මගින් ඔබේ කොන්දේ වේදනාව සුව කරගන්නට පුලුවන් වේවි.

හිසේ කැක්කුම්

ඔබට හිසේ කැක්කුමක් ඇත්නම් ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව එය උත්සන්න විමත් සුව විමත් යන දෙකෙන් එකක් සිදුවෙනවා. බොහෝ විට නිදාගැනිමෙ දී බෙල්ල ඇඹරීම නිසා තමයි හිසේ කැක්කුම ඇතිවෙන්නේ. මෙය මඟහරවා ගැනිමට ඔබ නිදාගන්නා විට ඔබේ ගෙල දෙපැත්තේන් කොට්ට දෙකක් තබා ගෙල හැරවීම වළක්වා ගන්න.

කෝටරක දාහය හෙවත් සයිනස්

නිදාගැනිමේ ඉරියව්ව හිසේ කැක්කුමට බලපාන ආකාරයටම කෝටර දාහයටත් බලපානවා. හාවර්ඩ් සරසවිය විසින් නිර්දේශ කරන ආකාරයට ඔබේ හිස තරමක් ඉහළට එසවෙන ආකාරයට නිදාගැනිම මගින් ඔබට කෝටර දාහය සුවකරගන්නට පුළුවන්.

අධිරුධිර පීඩනය

අධ්‍යයනයකට අනුව සොයාගෙන තිබේන කරුණක් තමයි නිදාගැනිමේ ඉරියව්ව සෘජුවම රුධිර පීඩනය කෙරෙහි බලපාන බව. ඒ වගේම රුධිර සංසරණය පාලනය වන නිදාගැනිමේ ඉරියව්වක් ද ඔවුන් ⁣මෙහිදී සොයාගෙන තිබෙනවා. ඔබ මුහුණ යටට වන්නට සිටින සේ නිදාගන්න. ඒමඟින් ඔබට පුළුවන් අධිරුධිර පීඩනය පාලනය කරගන්නට. අධිරුධිර පීඩනය සඳහා වෛද්‍ය උපදෙස් වලින් තොර කිසිම ඖෂධයක් භාවිතා කරන්නට එපා. ⁣

බෙල්ලේ වේදනාව

ඔබට බෙල්ලේ වේදනාවක් ඇත්නම් ඔබ නිදාගැනිමේ දී තුවායක් රෝල් කර බෙල්ල යටින් තබා නිදාගන්න. මේ තුවාය වෙනුවට ඔබට කොට්ට උරයක් වුවත් භාවිතා කළ හැකිය.

ආහාර ජිර්ණ ගැටලු

වම්පසට හැරී නිදාගන්නවා නම් ඔබට නියමාකාර ආහාර ජිර්ණයක් පවත්වා ගන්නට පුළුවන්. උදරය වම්පසට වන්නට පිහිටන නිසා ඔබ වම් පසට හැරී නිදාගැනිමෙන් ගුරුත්වාකර්ෂණ බලපෑම මගින් ආහාර ජීර්ණය වේගවත් කරගන්නට පුළුවන් .

පපුවේ දැවිල්ල

පපුවේ දැවිල්ල මහත් පීඩාකාරී සෞඛ්‍ය ගැටලුවකි. මේ සෞඛ්‍ය ගැටලුවෙන් පීඩා විදිනවා නම් ඔබ වම්පසට හැරී නිදාගන්න . එවිට ඔබට පහසුවෙන්ම පපුවේ දැවිල්ල සුවකරගන්නට හැකිය. මේ නිදාගැනිමේ ඉරියව් අනුගමනය කරන්නට පෙර ඔබේ වෛද්‍යවරයා හමුව වැඩිදුර උපදෙස් ලබාගන්න. එවිට ඔබට පුළුවන් වේවි මෙම සෞඛ්‍ය ගැටලු වලින් අරක්ෂා වන්නට. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version