සියලුම සේවකයන්ට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් 1886 දී කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්ව විරෝධතාවයක් ආරම්භ කළා. දින ගණනාවක් තිස්සේ පැවති මෙම විරෝධතාවයට එරට පොලීසිය ප්‍රහාර එල්ල කළ අතර විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත් වුණා.

පසු කලෙක මෙම අරගලය ආරම්භ වූ මැයි පළමුවැනි දිනය වර්ෂ 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළා. ඒ අනුව ගත්කල අදට යෙදී ඇත්තේ 137 වන ලෝක කම්කරු දිනයයි.

Share.
Leave A Reply

Exit mobile version