ලංකා විදුලිබල මණ්ඩලය (ලං.වි.ම.) ප්‍රතිව්‍යුහගත කිරීම පිළබඳ පත්කළ කමිටුවේ සාමාජිකයන් වෙත එයට අදාල වගකීම් භාරදී තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියට අනුකූලව පත්කරන ලද මෙම කමිටුව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත වනවා.

මසක් තුළ විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහාය සමග එම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඒ අනුව ලබාදීමට නියමිතයි.

කමිටු සමාජිකයින් පහතින්,

  • මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග
  • විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්. එම්. සී ෆර්ඩිනැන්ඩො
  • ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා
  • ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ
  • ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සහ වරාය නගර ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසුරිය
  • රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසමේ හිටපු නීති උපදේශක, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන
  • නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නීති නිලධාරී නීතිඥ හර්ෂ ප්‍රනාන්දු
  • විදුලිබල අමාත්‍යංශයේ අධ්‍යක්ෂ චන්දන විජේසිංහ
Share.
Leave A Reply

Exit mobile version