රුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට පැමිණ තිබෙනවා.

ඒ අනුව මාස 4කට පසුව මෙලෙස මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

Aeroflot ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගිය ජුනි 2 වනදා අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම හේතුවෙන් මතු වූ ගැටලුවක් මත මෙරටට සිදු කරන ගුවන්ගමන් අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version