කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණය ලබා දී තිබු තිබූ නියෝගයක් කඩ කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු දෙදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් නියෝගයක්ද නිකුත් කළා.

Share.
Leave A Reply

Exit mobile version