රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් පනත් කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙය 2022 අතුරු අයවැය යෝජනාවක් ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට වෙත ඉදිරිපත් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවස්ථාපිත අරමුදල් ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි එම කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version