කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” (Gold Route) විවෘත කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහායි මෙම “රන් මාවත” හඳුන්වා දී ඇත්තේ.

ඒ අනුව ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපොළ රාජකාරී සිදු කරගැනීම සඳහා පෝලිම්වල නොසිට මෙම නව පර්යන්තය වෙත පිවිස ආගමන විගමන, රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් ඉටු කර ගැනීමේ හැකියාව පවතිනවා.

Share.
Leave A Reply

Exit mobile version