ඊයේ (10) යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති අභියෝගාත්මක කාලසීමාවේදී යුරෝපා සංගමය ඒ අනුව ශ්‍රී ලංකාවේ හවුකරුවෙකු ලෙස කටයුතු කරන බව එහිදී තානාපතිවරු ජනපතිවරයාට දැනුම්දී තිබෙනවා.

එසේම සිවිල් මානව හිමිකම්, අදහස් ප්‍රකාශනයේ නිදහස වැදගත් වන බව තානාපතිවරුන් පෙන්වාදී ඇති අතර GSP ප්ලස්, IMF හා මානව හිමිකම් කවුන්සිලයේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන ක්‍රියාවලීන් පිළිබඳව අවධානය යොමු කරන ලෙසද තානාපතිරුන් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version