යුධ හමුදා බුද්ධි අංශය විසින් දිර්ඝ කාලයක් සිදුකරන ලද විමර්ශන වල ප්‍රතිපලයක් ලෙස ලබාදුන් බුද්ධි තොරතුරු මත මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරින් විසින් ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් ලක්‍ෂ 420 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 156.4 ක ප්‍රමාණයක් සහ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය අරියාලේ ප්‍රදේශයේදී 2024 අගෝස්තු මස 12 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 39 සහ 44 යන වයස් වල පසුවේ. අත්අඩංගුවට සැකකරැවන් දෙදෙනා සහ භාණ්ඩ යාපනය පොලිසිය වෙත බාරදෙනු ලැබූ අතර යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Share.
Leave A Reply

Exit mobile version