මෙවර T20 ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (13) සමත් වුණා.
ඒ එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර ඒ අනුව ඔවුන් 2022 T20 ලෝක කුසලානය දිනා ගැනීමටද සමත් වුණා.
ලකුණු පුවරුව පහතින්,