නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කර තිබෙනවා.

මේ අනුව රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණය සඳහා පසුගියදා යොමු වූ අතර ඔවුන් සඳහා ලිඛිත පරීක්ෂණයක් ද පවත්වා තිබෙනවා. එම ලිඛිත පරීක්ෂණය සඳහා 76 දෙනෙකු ඉදිරිපත් වූ අතර 44 දෙනෙකු සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් හට ප්‍රායෝගික පුහුණුව සඳහා තාවකාලික රියදුරු බලපත් ලබා දීම (LEARNER PERMIT) ලබාදීමට මේ වන සිදුකර ඇති අතර මාස 03ක ප්‍රායෝගික පුහුණුවෙන් පසුව ස්ථිර රියදුරු බලපත් ලබා දීම සිදු කිරීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version