පවතින ආර්ථික අර්බුදය හමුවේ සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත දීමනා සහ සැබැවින්ම මූල්‍ය ආධාර ලැබිය යුතු පිරිස් හඳුනා ගැනීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් දැනට කොපමණ පිරිසක් ප්‍රතිලාභ ලබන්නේද සහ කොපමණ පිරිසක් මේ සඳහා බඳවාගත යුතුද යන්න සම්බන්ධයෙන් දත්ත පද්ධතියක් සකස් කර ගැනීම මෙහි අරමුණ බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.

මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍යංශ ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන මේ බව සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version