ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව පසුගිය කාලයේ පැවති විදේශ විනිමය දැඩි හිඟය යම්තාක් දුරකට සමනයවී ඇති බවත් ඉන්ධන, ගෑස් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අවහ්‍ය විදේශ විනිමය සොයා ගැනීමට හැකිවී ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කෙටි කාලීන ණය පහසුකම් නොමැති වුවද රටේ මූලික අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේ හැකිවී ඇති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version