පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (16) දිනයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුදල් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන බවත් එසේ නොහැකි වුවවොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version