කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන මගී බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබෙනවා.
එසේම ඉදිරියේදි කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.
බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට මෙම බෝට්ටු මගින් විනාඩි 30ක් ඇතුළත ලඟාවීමට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.
එමෙන්ම බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 200ක මුදලක් අයකෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරෙනවා.
දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 8 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයීමේ හැකියාව පවතින බව සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.