පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී පසුගිය 16 වැනි දින අතුරුදන් වූ අංජන කුලතුංග නමැති සිසුවාගේ මළ සිරුර මහවැලි ගං ඉවුරට ගොඩගසා තිබියදී හමුවී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් 2කට ආසන්න දුරකින් පිහිටි ගන්නෝරුව ප්‍රදේශයට ආසන්නයෙන් මෙය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

Share.
Leave A Reply

Exit mobile version