මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙකු ලෙස ඩග්ලස් එන්. නානායක්කාර පත්කර තිබෙනවා.
එම කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ පසුගියදා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.
ඒ අනුව ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තනතුරු වලින් එක් පුරප්පාඩුවක් සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙක් වන ඩග්ලස් එන්. නානායක්කාර මුදල් අමාත්‍යාංශය විසින් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.