බැංකු හරහා ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අයකරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගනුදෙනුකරුවන්ට මෙම සහනය ලබාගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

පොලී අනුපාතිකය වැඩිවීම හේතුවෙන් ඇතැම් ණයහිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට සිදුව ඇති බව මන්ත්‍රීවරුන් එහිදී පෙන්වාදී ඇති අතර එයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර යම් සහන කාලයක් සඳහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකි බවයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version