රාජ්‍ය ආයතන කිහිපයක් මේ වසරේ අවසන් කාර්තුව වනවිට ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 4,000ක් පමණ වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා.
ඒ අනුව රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය දැනට ආරම්භ කර ඇති බවත් දශක ගණනාවක සිට එම ආයතනවල පාඩුව ඍජුව හා වක්‍රව මහජනතාවට දැරීමට සිදුව ඇති බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසානය වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 1,057 ක්, ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 261 ක් හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුපියල් බිලියන 799 ක පාඩුවක් ලබා ඇති බවද ජනපතිවරයා සඳහන් කළා.
සමාජයේ ඇතැම් කොටස්වල දුප්පත්කම පිළිබඳව රජය දැනුවත් බවත් ඔවුන් හඳුනාගෙන ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර සහ බීජ ලබාදීමට සියලු පියවර ගෙන ඇති බව ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.