පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන මුරවත්ත චන්දන නැමැත්තා පානදුර උතුර පොලිසිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පානදුර හොරේතුඩුව පාලම අසලදීයි.
වෙනත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා රැගෙන ආ හෙරොයින් ග්‍රෑම් 16ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වී තිබුනේ.
සැකකරු පානදුර උතුර, මොරටුව, හොරේතුඩුව, මෝදර ඇතුළු ප්‍රදේශ රැසකටම වට්ස්ඇප් මාර්ගයෙන් තොරතුරු ලබාගනිමින් ඉතා රහසිගතව එම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවටයි පොලීසිය තොරතුරු අනාවරණ කර ගෙන ඇත්තේ.
සැකකරුට මීට පෙරද හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පැවසුවා. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. (නෙත් නිව්ස්)