දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයා ලෙස නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ද ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් පත් කර ඇත.

ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා මීට පෙර ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු කළ සමයේ මාස 07 ක පමණ කාලයක් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙසද රාජකාරී කළ බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version