ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු තරගයකින් පසු කඩුලු 2 කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් ලබා ගත්තා.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 373 ක් ලබාගත් අතර පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළා. ආක්‍රමණශීලී පන්දු යැවීමක් වාර්තා කලේනම් මෙම ලකුණු පුවරුව තවත් ලකුණු 50ක් 60ක් හෝ අඩුවෙන් දිස්වීමට බොහෝ ඉඩකඩ තිබුණි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබාගත් අතර අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පළමු ඉනිමේදී පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක්, ළහිරු කුමාර කඩුලු 3 ක්, කසුන් රාජිත කඩුලු 2 ක් හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත්වූ අතර දෙවන ඉනිමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් හා කසුන් රාජිත 2 ක් හා ළහිරු කුමාර එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් කේන් විලියම්සන් (Kane Williamson) අගනා වටිනා ශතකයක් ලබා ගනිමින් නොදැවී ලකුණු 121 ක් වාර්තා කළා. තරගාවලිය 1-0 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version