ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානය මගින් පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු ලැබී තිබෙනවා.

සත්ව හුවමාරු වැඩසහටනක් යටතේ දෙහිවල සත්වෝද්‍යානයට මෙම සත්වයා ලැබුණු බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මේ වන විට ජගුවර් සත්වයා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අතර, සුදුසු පරිසර තත්ත්වයට හුරු කළ පසු දැනට සත්වෝද්‍යානයේ ඉන්න කලු ජගුවර් සිටින ස්ථානයට යොමු කර ජගුවර් පවුලක් ලෙස ජනතාවට දැකබලාගැනීමට සලස්වන බව ද තවදුරටත් ආරංචි මාර්ග පවසනවා. (Neth Gossip)

Share.
Leave A Reply

Exit mobile version