KFC අවන්හල් ජාලවල ඉතාමත්ම ජනප්‍රිය මාළු ඇඟිලි නැත්නම් fish fingers ඉහළ පන්තියේ ශෝටීස් එකක් වෙලා සෑහෙන කාලයක් වෙනවා. දැන් හැම අවන්හලකම ඔවුන්ට ආවේණික fish fingers වට්ටෝරුවක් තියෙනවා. ලංකාවේ වඩාත්ම රසට fish fingers හදන්නේ වෙරළබඩ සංචාරක හෝටල් වල. ඔවුන් ඒ සඳහා භාවිතා කරන්නේ මෝදා හෙවත් කොඩුවා මාළුවයි. ඉතාම පිරිසුදු ගල් මාළු වර්ගයක් වන මෝදා වල රස fish fingers වලට අපූරුවට ගැලපෙනවා.
බොහෝදෙනා fish fingers සදන්න බිස්කට් කුඩු තවරලා. නමුත් බොහෝ තරු පන්තියේ හෝටල් වල බිස්කට් කුඩු වෙනුවට පාවිච්චි කරන්න බ්ලෙන්ඩර් කර ගත් කරගත් කෝන්ෆ්ලෙක්ස්. ඒක ඉතාම රසයි. පුලුවන්නම් කෝන්ෆ්ලෙක්ස් කෝප්පයක් අරගෙන හොඳින් කුඩු කරගන්න. කට්ලට් හදන කොටත් ඒවා බිස්කට් කුඩු වෙනුවට පාවිච්චි කරලා බලන්න. හැමෝම ආසාවෙන් රස බලන මේ රසවත් fish fingers නිවසේ දී සකස් කර ගන්න හරිම පහසුයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- හොදින් බීට් කර ගත් බිත්තර එකක්
- පාන් කුඩු හෝ කෝන්ෆ්ලෙක්ස් ග්‍රෑම් 85 ක්
- දෙහි ගෙඩියක යුෂ
- තෙල් මේස හැඳි එකක්
- සම සුදු පැහැති මාළු ග්‍රෑම් 400 ක්
- ගම්මිරිස් කුඩු
- රස අනුව ලුණු
- ගැඹුරු තෙලේ බැද ගැනීම සඳහා තෙල්
සාදන ආකාරය:
පළමුව තීරුවලට කපා ගත් මාළු වල බීට් කරගත් කර ගත් බිත්තර සරු තවරා පසෙකින් ටික වේලාවක් තබා ගන්න. පාන්කුඩු වලට ලුණු සහ ගම්මිරිස් එක් කර හොඳින් කලවම් කරන්න. බිත්තර සාරු ගාගත් මාළු දීසියට දෙහි යුෂ එක් කරන්න. ඉතා මඳ වශයෙන් ලුනු සහ ගම්මිරිස් එක්කරන්න. පාන්කුඩු සමගත් ලුණු සහ ගම්මිරිස් එක් කළ නිසා මාළු තීරුවලට ලුණු ගම්මිරිස් වැඩි එකතු කරන්න එපා. බිත්තර සාරු ගා ගත් මාළු තීරු පාන්කුඩු වල හොඳින් තවරාගන්න. තාච්චියක් ළිප තබා එයට තෙල් එක්කර රතුවූ පසු පාන්කුඩු තැවරූ මාළු තීරු එක්කර ගැඹුරු තෙලේ රන්වන් පැහැයට බැදගන්න. රස්නෙන්ම තක්කාලි සෝස් සමග ගෙදරට අමුත්තාට පිළිගන්වන්න. මෙහි රසය නම් ඉස්තරම්. හවස තේ පානයටත් මේ රසවත් fish fingers කදිමට ගැළපෙනවා. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.