75 වන නිදහස් දිනය ට සමගාමීව ලබන වසරේ පෙබරවාරි 4 දිනයේ මහජනතාවට ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන / ස්ථාන නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එසේම ලබන වසරේ පෙබරවාරි 4 දිනයේ රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තුව 50% කින් අඩුකර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version