‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම 2024 නොවැම්බරයේ ආරම්භ කරන බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ආටිමිස්’ මෙහෙයුම් ආරම්භ කර තිබෙන්නේ යළිත් වරක් සඳ තරණය ඉලක්ක කර ගනිමිනි.
ආටිමිස් 1‘ පළමු අත්හදා බැලීමේ මෙහෙයුම පසුගිය 2022 වසරේ දෙසැම්බර් මාසයේ සාර්ථකව සිදුවිය. එහිදී ‘ඔරායන්’ ගගන කැප්සියුලය මිනිසුන් රහිත අත්හදා බැලීමකට යොදා ගැණුනි. ‘ඔරායන්’ ගගන කැප්සියුලය, දින 25 ක කාලයකින් පසු සඳට ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට පැමිණියේය.

නාසා ආයතනය ‘ඔරායන්’ කැප්සියුලය නිර්මාණය කර ඇත්තේ ගගනගාමීන් සඳ ගෙන යෑමේ අරමුණින්ය. ‘ආටිමිස් 1’ මෙහෙයුම යටතේ සඳට ගිය ‘ඔරායන්’ කැප්සියුලය ආපසු පෘථිවියට පතිත කළේ පැරෂූට් ආධාරයෙනි.

2024 නොවැම්බරයේ ඇරැඹෙන ‘ආටිමිස් 2’ ගගනගාමීන් තිදෙනකු සම්බන්ධ වනු ඇතැයි පැවැසෙයි. කෙසේ නමුත්, ඔවුන් ‘ඔරායන්’ කැප්සියුලයේ නැගී සඳ වටා ගොස් ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. ගගනගාමීන් සඳට පය තැබීම සිදුවන්නේ ‘ආටිමිස් 3’ මෙහෙයුම යටතේය. ‘ආටිමිස් 3’ මෙහෙයුම සිදුවනු ඇත්තේ ‘ආටිමිස් 2’ මෙහෙයුමේ සාර්ථකත්වය අනුවය. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version