දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

අද (04) පළමුවෙන් මධ්‍යම පළාතේ දී දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීම ආරම්භ කරන බවත් බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ.

ඒ අනුව මධ්‍යම පළාතේ බේකරි හිමියන්ට මෙලෙස බිත්තර විකිණීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version