මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා දේශීය පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදකයින් අතර පැවති සාකච්ඡාවකදී දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත හෙළීමට නිෂ්පාදකයින්ගේ එකඟතාව පළවී ඇති බවට සඳහන් වනවා.
ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ මිල ඩොලරය අවප්‍රමාණය වූ අවස්ථාවේ දී යළි පහළ නොගිය බවත් මේ තත්ත්වය හේතුවෙන් මව්පියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
හැකි අවම මිලක් යටතේ තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඔවුන් එයට එකඟතාව පළකර ඇති ඇති බව සඳහන්. අදාළ නිෂ්පාදන කුමන ප්‍රතිශතයකින් පහත හෙළන්නේ ද යන්න පිළිබඳ මැයි මස 23 දා නිල වශයෙන් දැනුම් දෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.