අද (21) දිනයේ බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ උව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි අතර හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

Exit mobile version