ශ්‍රී ලංකාව හා සත්කාරක නවසීලන්තය අතර තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57 ක්, නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි වුණා.
ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායම හිමිවී ඇති ඉලක්කය ලකුණු 158 ක්.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.