පින්තාරු අමුද්‍රව්‍යවල මිල ගණන් 400% කින් පමණ ඉහළයාම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් දැඩි අර්බුදයකට මුහුණදී ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා.

ඒ අනුව සමාගම්වල කැමැත්තට අනුව මිල ඉහළ නැංවීමට කටයුතු කිරීමේදී නිලධාරීන් නිහඬව බලා සිටින බව එම සංගමයේ ජාතික සංවිධායක නෙළුම් පුෂ්පකුමාර සඳහන් කළා.

ඒ අනුව රු. 750 ක පැවති තීන්ත ලීටරයක මිල අද වන විට රු. 4215 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව තීන්ත ලීටරයක මිල හතර ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම අනෙකුත් පින්තාරු අමුද්‍රව්‍ය රැසක මිල ගණන්ද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් නිහඬව සිටින බවයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version