ගොඩගම හංදියේදී අද අළුයම 1.30 ට පමන තීරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. මියගොස් ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති දරුවා ය.

අනතුරින් තුවාල ලැබූ මියගිය දරුවාගේ මව පියා සහ සහෝදරයකු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

නුගේගොඩ සිට මාදුලාව ප්‍රදේශයේ නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇත. මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version