ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩාමේ නායිකා චමරි අතපත්තු ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියේ(ICC) සම්මානය දිනා ගත්තාය.
සෑම මාසයකදීම ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්වන දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල මගින් මෙම සම්මානය ලබා දීම සිදුකරයි.
චමරි අතපත්තු ඒ සඳහා නම් කර තිබෙන්නේ නිමා වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන්.
ඇය එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය ද දිනා ගත්තාය.
ශ්‍රී ලංකාව පළමු වරට ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ශූරතාව දිනා ගත්තේ ද, චමරිගේ නායකත්වය යටතේයි.
චමරි අතපත්තු සමග මෙම සම්මානය සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ ශෆාලි වර්මාද නිර්දේශ වී සිටිහය.