පසුගිය ජූලි 9 වැනිදා පැවති විරෝධතාවයේදී ජනාධිපති මන්දිරයෙන් සොරාගත් භාණ්ඩ කිහිපයක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28, 34 සහ 37 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සොරකම් කර ඇත්තේ ජනාධිපති මන්දිරයේ තිර රෙදි එල්ලීම සඳහා බිත්තිවල සවි කර තිබූ තඹ බෝල 40ක්. පසුගිය ජුලි 9 වැනිදා විරෝධතාකරුවන් පිරිසක් ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අවස්ථාවේදී මෙම භාණ්ඩ සොරකම් කර තිබුණා. සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට විමර්ශන නිලධාරීන් සැක කරනවා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ – උතුර මර්දන ඒකකයට භාරදීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version