චීනය විසින් ශ්‍රී ලංකාව වෙත සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ආධාරයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව අදාළ සහල් තොගය භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකර තිබෙනවා.
මෙම අවස්ථාවට චීන තානාපති Qi Zhenhong සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් එක්වී තිබෙනවා.
චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් සළකුණක් ලෙස චීන රජය විසින් සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම ආහාර වැඩසටහන යටතේ සහල් ආධාර ලබා දීමට නියමිතයි.