ගෝල්ෆේස් අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පොදු සම්මුතියක් සඳහා එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා.

“සර්වපාක්ෂික අරගලකරුවෝ” සංවිධානය විසින් අරගලය දිනවන සම්මුතිය මැයෙන් පැවති සමුළුවකදී මෙම එකඟතාවට පැමිණ තිබෙනවා.

වාර්තා පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගාලුමුවදොර අරගලකරුවන් අතර හමුවක්ද නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වී ඇත.

ඒවාගේම ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමඟත් ඉන්පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් සමඟද අද සාකච්ඡා පවත්වා තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version