ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් හා රාජගිරිය ගේට්වේ පාසලේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ වයස අවුරුදු 16න් පහළ “ඒ” කාණ්ඩයේ පාසල් පැසිපන්දු තරගාවලියේ අවසාන මහා තරගයෙන් ගේට්වේ පාසල ලකුණු 84 – 66 කින් පරාජය කරමින් කොළඹ ශාන්ත ජෝශප් විදුහල ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේය.

රාජගිරිය ගේට්වේ පාසල් පැසි පන්දු පිටියේදී පෙරේදා (29 වන දින) අවසාන මහා තරගය පැවැත්වුණු අතර, එහිදී තරගාවලියේ වටිනාතම ක්‍රීඩකයා ලෙස ඩැරන් බර්නාඩ් (සාන්ත ජෝශප්), දක්ෂතම ආක්‍රමණශීලී ක්‍රීඩකයා ලෙස බිලාල් සෆ්රාස් (ගේට්වේ) හා දක්ෂතම ආරක්ෂාකාරී ක්‍රීඩකයා ලෙස ඒරන් ජෙරල්ඩ් (සාන්ත ජෝශප්) යන ක්‍රීඩකයන් පදක්කම් කුසලාන හා සහතික පත් හිමිකර ගත්හ. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version