කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ 2023/24 වර්ෂය සඳහා නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත හේරත් මහතා තේරි පත්විය.

නව නිළධාරි මඩුල්ල පත්කර ගැනීම සඳහා වූ නිළවරණය ඊයේ (22) එම අධිකරණ පරිශ්‍රය තුලදි පැවත්විණි.

සභාපති තනතුර සදහා වූ ජන්ද විමසීමේදී ඉතිහාසයේ වැඩිම ඡන්ද පරතරයක් සහිතව ජයග්‍රහණය කිරීමට ජේශ්ඨ නීතිඥ ශාන්ත හේරත් මහතා සමත් විය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත හේරත් මහතා

ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත හේරත් ජන්ද 164 ලබා ගත්තේය.

කොළඹ විශ්වවිද්‍යාලයෙ නීතිපීඨයේ සහ ශ්‍රීලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශාන්ත හේරත් මහතා වසර 30කට ආසන්න කාලයක් වෘත්තීය ප්‍රවීනත්වයක් සහිත නීතිඥවරයෙක් වන ඒ මහතා ශ්‍රීලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයාද වෙයි.

එම ජන්ද විමසීමේදී උප සභාපති තනතුරු දෙකක් සදහා වූ ජන්ද විමසීමේදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් අබේනායක සහ නීතිඥ මර්වින් ද සිල්වා මහතා තේරි පත්විය.

ලේකම් ධූරය සදහා නීතිඥ දීපිකා හෙට්ටිමුල්ල මහත්මිය සහ භාණ්ඩාගාරික ධූරය සදහා නීතිඥ පද්ම ශ්‍රියාන් පුංචිහේවා මහතා නිතරගයෙන් පත්විය. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version