කොන්සියුලර් සේවා සඳහා පවතින විශාල ඉල්ලුම සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශය ලබන සඳුදා සිට සුපුරුදු පරිදි විවෘත කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා සාමාන්‍ය පරිදි සේවාව ක්‍රියාත්මක වන අතර යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, මාතර සහ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද සතියේ දින 5 විවෘතව පවතිනු ඇත.

Share.
Leave A Reply

Exit mobile version