කැලණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ඊයේ රාත්‍රී පැවැත්වූ උද්ඝෝෂණයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශිෂ්‍යයින් 06 දෙනා අද මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත නිදහස් කර ඇත.එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප මත මෙසේ මුදාහැරීමට නියෝග කර ඇත.

මේ අතර මෙම උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමේදී තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ද ශිෂ්‍යාවක් රාගම රෝහලේ ද ප්‍රතිකාර ලබති. (දිවයින)

Share.
Leave A Reply

Exit mobile version