ශ්‍රී ලංකාවේ සත්වැනි විධායක ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම සිදු කර තිබෙනවා.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමාට භාරදුන් බව හා එහි නීත්‍යනුකූලභාවය තහවුරු කරගත් බව කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ධුරයෙන් ඉල්ලා අස්වූ පළමු ජනාධිපතිවරයා ලෙස ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාස පොතට එකතුවනු ඇත.
කතානායකවරයාගේ ප්‍රකාශය පහතින් නරඹන්න.