තුර්කි ගුවන් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේදී යළි පැමිණීමට සූදානම්ව සිටියදී හදිසි අනතුරකට පත්ව තිබේ.

මෙය තුර්කි ගුවන් සේවයට අයත් A.-330-300 එයාර්බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන අතර එය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් ද රැගෙන පසුගිය 03 වනදා රාත්‍රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ ක්‍රියාකරුවන් විසින් මෙම යානයට පැටවීමට රැගෙන ආ කන්ටේනරයක් නිසි පරිදි තිරිංග නොදී යානය අසල නවතා තැබීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

Share.
Leave A Reply

Exit mobile version